උගන්ඩාව පැපුවා නිව්ගිනියානුවන් නිහඬ කරයි

ජූනි 06, 2024
    ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැපුවා නිව්ගිනියා සමග පැවති තරගය කඩුලු 3 කින් ජය ගැනීමට උගන්ඩාව සමත්වුණා.

    ගයානාහි ප්රො0විඩන්ස් ක්රී්ඩාංගණයේ දී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පැපුවා නිව්ගිනියා කණ්ඩායම පන්දුවාර 19 යි පන්දුවකදී සියලු ක්රීපඩකයින් දැවීල ලකුණු 77 ක් රැස් කළා.

    පිළිතුරු ලෙස උගන්ඩාව තරගය ජයගත්තේ, පන්දුවාර 18 යි පන්දු දෙකකදී කඩුලු 7 ක් දැවී ලකුණු 78 ක් රැස් කරමින්.
    මේ අතර, ඕමානය සමග අද පැවති තරගය ලකුණු 39 කින් ජය ගැනීමට ඔස්ට්රේුලියාව සමත්වුණා. බාබඩෝස්හිදී කෙනින්ටන් ඕවල් ක්රීැඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්රේෝලියාව පන්දුවාර 20 ඇතුළත කඩුලු 5 ක් දැවි ලකුණු 164 ක් රැස් කළා.
    මාකර්ස් ස්ටොයින්ස් නොදැවි ලකුණු 67 යි. ඩේවිඩ් වෝනර් ලකුණු 56 ක් රැස් කළා.
    පිළිතුරු ලෙස ඕමානයට පන්දුවාර 20 ඇතුළත කඩුලු 9 ක් දැවී රැස් කිරිමට හැකි වුණේ, ලකුණු 125 ක් පමණයි. අයාන් ඛාන් ලකුණු 36 යි.
    පන්දු යැවීමේ දී මාර්කස් ස්ටොයින්ස් කඩුලු 3 ක් බිඳ හෙලුවා.
     

    Latest News