මුලින්ම පහර දුන්නේ ඇයි ?

ජූනි 04, 2024

    ඊයේ දකුණු අප්‍රිකාව සමග තරඟයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකාව මුලින්ම පන්දුවට පහර දීමට හේතුව මාධ්‍ය වේදියකු නායක වනිඳුගෙන් විමසා සිටියා.

    "අපට ශක්තිමත් පන්දු යැවීමේ බලකායක් සිටිනවා. අපට අවශ්‍ය වූනේ හොඳ ලකුණු ප්‍රමාණයක් ලබා ගෙන එම ලකුණු සංඛ්‍යාව ආරක්ෂා කරගනිමින් ප්‍රතිවාදීන්ට මුහුණ දීමට. වේග පන්දු යවන්නන්, නව පන්දුවෙන් ඉතා හොඳින් පන්දු යැව්වා. එයාලට ලකුණු 120 – 125 කට වඩා තිබුණ නම් තරගයේ ප්‍රථිපලය වෙනස් වෙන්න තිබුණා." යනුවෙන් වනිඳු පවසා සිටියා.

    ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරගය එළඹෙන 08 වැනිදා පැවැත්වීමට නියමිතයි. ඒ බංග්ලාදේශය සමගයි.

    Latest News