ඇෆ්ගනිස්තානය උගන්ඩාව පරාජය කරයි

ජූනි 04, 2024

    20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය, ලකුණු 125 කින් ජය ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුණා. ඒ, උගන්ඩා කණ්ඩායම පරාජය කරමින්.


    තරගය පැවැතැත්වුණේ, බටහිර ඉන්දීය කොදෙව් හි ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගනයේදී. පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම, පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 183 ක් රැස් කළා.

    රහ්මනුල්ලා ගුරුබාස් ලකුණු 76 යි. ඊබ්‍රහීම් සාද්‍රන් ලකුණු 70 යි. පන්දු යැවීමේදී බ්‍රයන් මසාබා ලකුණු 21 කට කඩුලු 2 ක් බිඳ හෙලුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ උගන්ඩා කණ්ඩායමට පන්දුවාර 16 ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගත හැකි වූයේ, ලකුණු 58 ක් පමණයි.

    රොබින්සන් ඔබූයා, ලකුණු 14 යි. පන්දු යැවීමේදී, ෆසාල්හක් ෆරුකි ලකුණු 9 ට කඩුලු 5 ක් බිඳ හෙලුවා.

    Latest News