ප්‍රංශයේත් නොවැක් නොනවතී

මැයි 29, 2024

    ‍‍ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පළමු වට‍යේ තරගයෙන් ජයග්‍රහණය කිරීමට, සර්බියානු ජාතික නොවැක් ජොකැවික් සමත් වුණා.


    ඒ, ප්‍රංශ ජාතික ටෙනිස් ක්‍රීඩක පියර් හියුග්ස් හර්බට් පරාජය කරමින්.

    තරගය පැවැත්වුණේ ප්‍රංශයේ රෝලන්ඩ් ගැරෝස් හිදී. පළමු වටය 6-4 ක් ලෙස ඉදිරියෙන් සිටියේ නොවැක් ජොකැවික් ක්‍රීඩකයායි.

    අනතුරුව දෙවැනි වටයේදී 7-6 ක් ලෙසත් තෙවැනි වටයේදී 7-3 ක් ලෙසත් අවසන් වටයේදී 6-4 ක් ලෙසත් සර්බියානු ජාතික ජොකැවික් තරගය ජයගත්තේ ප්‍රංශ ජාතික ක්‍රීඩකයාට තරගයේ බලාපොරොත්තු අහිමි කරමින්.

    24 වතාවත් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව හිමිකරගත් ජොකැවික්, ලොව ප්‍රධාන ටෙනිස් ශූරතා වැඩි ප්‍රමාණයක් ජයගත් ක්‍රීඩකයා ලෙස සටහන් වනවා.

    Latest News