බර ඔසවා දිලංක ලෝක ශූරයින් අතරට

අප්‍රේ 02, 2024
    තායිලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේ කිලෝ ග්රෑම් 55 බර පන්තියේ පස්වැනි ස්ථානය හිමි කර ගැනීමට ඩිලන්ක ඉසුරු කුමාර සමත්වුණා.

    තරගාවලියට ශ්රී ලංකාවෙන් ක්රීඩක ක්රීඩිකාවන් තිදෙනෙකු සහභාගී වනවා.

    ඩිලන්ක ස්නැච් ක්රමයෙන් කිලෝ ග්රෑම් 112 ක බරක් ඔසවනු ලැබුවා. ඔහු ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්රමයෙන් එසවූ බර, කිලෝ ග්රෑම් 135 ක්. ඒ අනුව, ඩිලන්ක ඉසුරු කුමාර කිලෝ ග්රෑම් 247 ක සමස්ත බරක් එසවීමට සමත්වුණා.
     
    අනුව, ඔහුට තමා නියෝජනය කළ බර පන්තියේ " ඒ" කාණ්ඩයේ පස් වැනි ස්ථානය හිමි වුණා.
     
    මෙම වසරේ ප්රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්රීඩ උලෙළට සුදුස්සන් තේරීමේ තරගාවලියක් ලෙසයි, මෙය පැවැත්වෙන්නේ.

    Latest News