බර ඔසවා ලක් මව ඉහළින්ම ඔසවා තැබූ හංසනී

අප්‍රේ 01, 2024
    බර ඉසිලීමේ කාන්තා ඉසව්වේන් නව ශ්රී ලංකා වාර්තාවක් පිහිටුවීමට හංසනී ගෝමස් සමත්ව තිබෙනවා.
    ඒ, තායිලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී.
    ශ්රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියට ක්රීඩක ක්රීඩිකාවන් තිදෙනෙකු සහභාගි වනවා. හංසනී ගෝමස් ඊයේ තරග වැදුනේ කිලෝග්රෑම් 49 බර පන්තියෙන්.
     
    ඇය විසින් එහිදී ස්නැච් ක්රමයට කිලෝග්රෑම් 76 ක බර ඔසවනු ලැබුවා. එය නව ශ්රී ලංකා වාර්තාවක්. හංසනී ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්රමයට එසවූ බර තිලෝග්රෑම් 85 ක්.
     
    අනුව, එසවූ සමස්ත බර කිලෝග්රෑම් 161 ක් බවයි වාර්තා වන්නේ. හංසනී තරගාවලියේ සී කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.

    Latest News