අදත් මුෂ්ෆිකර් ' වන් මෑන් ෂෝ 'ද?

මාර් 15, 2024
    ශ්රී ලංකාවට එරෙහි බොහෝ එක්දින තරගවලදී අභියෝගයක් ලෙස වගකීම භාර ගන්නා බංග්ලාදේශ පිතිකරු මුෂ්ෆිකර් රහීම් අද ආරම්භවන දෙවැනි එක්දින තරගයේදී තවත් පෙරැළියක් ඇති කරන්නේද යන්න ක්රිකට් විචාරකයන්ගේ අවධානයට ලක්ව තිබෙනවා.

    අද පස්වරු 2.00ට සාහුර් අහමඩ් චෞදි ජාත්යන්තර ක්රීඩාංගණයේදී තරගය ආරම්භ වනවා.

    ඔහු එක්දින ජාත්යන්තර තරගවලදී මෙතෙක් ශතක 9ක් ලබා තිබෙනවා. අර්ධ ශතක 49ක් සම්පූර්ණ කර සිටිනවා.
     
    එබැවින් අද තරගයේදී මුෂ්ෆිකර් රහීම්ගේ පිත්තෙන් වාර්තා වන්නේ 10 වැනි ශතකයද? 50 වැනි අර්ධ ශතකයද? යන්න කතාබහට ලක්ව තිබෙනවා.
     
    මුෂ්ෆිකර් රහීම් ශ්රී ලංකාවට එරෙහිව එක්දින ජාත්යන්තර තරගවලදී රැස්කළ ලකුණු සංඛ්යාව 1145ක්. එයට ශතක 2ක් හා අර්ධ ශතක 6ක් ඇතුළත්.
     
    ඔහු 2018 වසරේ ඩුබායිහි පැවති ආසියා කුසලාන ක්රිකට් තරගාවලියේදී ලකුණු 144ක් ලබා පෞද්ගලික වැඩිම ලකුණු වාර්තාව පිහිටවූවා.
     
    මෙයට වසර 3කට පෙර මීර්පූර්හිදී ශ්රී ලංකාවට එරෙහිව තවත් ලකුණු 125ක් ලබා ගත්තා.
     
    වසර 2018 දී කොළඹ ආර්. ප්රේමදාස ක්රීඩාංගණයේ දී නොදැවී ලකුණු 98ක් ලබා සිටියදී ශතකය වාර්තා කිරීමට නොහැකිව ක්රීඩාගාරයට ගිය මුෂ්ෆිකර් පෙරේදා චැටෝග්රෑම් ක්රීඩාංගණයේදී අවසන් වූ පළමු එක්දින තරගයේදී නොදැවී ලකුණු 73ක් ලබා ගැනීමට සමත් වුණා.
     
    මුෂ්ෆිකර් රහීම් අද තරගයේ දී කෙබඳු පෙරළියක් ඇති කරයිද ?
    Last modified on සිකුරාදා, 15 මාර්තු 2024 13:37

    Latest News