සිංහයෝ 16 ක් සීරුවෙන්

මාර් 12, 2024
    ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර හෙට ආරම්භ වන එක්දින ක්රිකට් තරගාවලියට සහභාගී වන ශ්රී ලංකා සංචිතය ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

    නම් කළ සංචිතයට ක්රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

    කුසල් මෙන්ඩිස් නායකත්වය දරන එහි උපනායකයා චරිත් අසලංක. ඇෆ්ගනිස්තානය සමග පැවති තරගාවලිය අතරතුරදී ආබාධයට ලක් වූ පැතුම් නිස්සංක ද නම් කළ සංචිතයට ඇතුළත්.
     
    අවිශ්ක ප්රනාන්දු, සධීර සමරවික්රම, ජනිත් ලියනගේ, කමිදු මෙන්ඩිස්, සහන් ආරච්චිගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, අකිල ධනංජය, චාමික කරුණාරත්න, ඩිල්ෂාන් මධුශංක, ප්රමෝද් මධුශාන් සහ ලහිරු කුමාර සංචිතයට ඇතුළත් සෙසු ක්රීඩකයින්.
     
    ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු එක්දින ක්රිකට් තරගය හෙට පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතයි. තරගය පැවැත්වෙන්නේ, චිතගොන් හිදී.
    දෙවැනි තරගය ලබන 15 වැනිදා පැවැත්වෙන අතර, තුන්වැනි තරගය ලබන 18 වැනිදා පැවැත්වෙනවා.
     
    මෙතෙක් ඉතිහාසයේ දෙරට අතර පවත්වා ඇති එක්දින තරග සංඛ්යාව 54 ක්. ඉන් තරග 42 ක් ශ්රී ලංකාව ජය ගත් අතර, බංග්ලාදේශය තරග 10 ක් ජය ගත්තා.
     
    තරග දෙකක් අවසන් වුණේ, තීරණයකින් තොරවයි. මෙවර තරගාවලිය යටතේ දෙරට අතර පැවති 20-20 තරගාවලිය තරග 2 -1 ක් ලෙස ජය ගත්තේ, ශ්රී ලංකා කණ්ඩායමයි.

    Latest News