ඇන්ඩර් සන් 700 සමාජයට

මාර් 11, 2024

    දැනට ටෙස්ට් ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කරන ලොව වයස්ගතම ටෙස්ට් ක්‍රීඩකයා වන එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ටෙස්ට් කඩුලු 700ක් දවා ගත් ලොව ප්‍රථම වේග පන්දු යවන්නා ලෙස ඉතිහාස ගත වනවා.

    ඉන්දියාව සමග ධරම්සාලාහි පැවැති 5වන හා අවසාන ‍ටෙස්ට් තරගයේ කුල්දීප් යාදව්ගේ කඩුල්ල දවා ගනිමින් ඔහු මෙම වාර්තාවට හිමි කම් කීවා.

    ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභීන් අතර තෙවන ස්ථානය ‍ඇන්ඩර්සන්ට හිමි වී තිබෙනවා.

    එහි ප්‍රථම ස්ථානය ටෙස්ට් කඩුලු 800ක් දවා ගත් ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් හට හිමිව තිබෙනවා. දෙවන ස්ථානයේ රැඳී සිටින්නේ කඩුලු 708ක් දවා ගත් ඕස්ට්‍රේලියාවේ ශේන් වෝන්.

    මුරලි සහ වෝන් දෙදෙනාම දඟ පන්දු යවන්නන් බැවින් වැඩිම ටෙස්ට් කඩුලු දවා ගත් වේග පන්දු යවන්නන් අතර මුල් තැන අරගන්නටත් ඇන්ඩර්සන්ට හැකි වී තිබෙනවා.

    41ක් හැවිරිදි ඇන්ඩර්සන් 2003 වසරේ ටෙස්ට් වරම් හිමි කර ගත්තා.

    Latest News