ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

මාර් 09, 2024

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත 20 - 20 ක්‍රිකට් තරගාවලිය 3-2 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට ස්වල්පවේලාවකට පෙර සමත්වුණා.

    ඒ දෙරට අතර පැවති තුන්වන 20 - 20 ක්‍රිකට් තරගය ලකුණු 28 කින් ජයග්‍රහණය කරමින්. කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහරදීමට ආරාධනා කළා. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 174ක් ලබාගැනීමට සමත්වුණා.

    විශිෂ්ට පිතිකරණයක නිරතවූ කුසල් මෙන්ඩිස් පන්දු 55කදී ලකුණු 86ක් ලබාගත්තා. ඊට 4 පහර 6ක් සහ 6 පහර 6ක් ඇතුලත්. ලකුණු 175ක ජයග්‍රාහී ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි බංග්ලාදේශ කණඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 146 ක් පමණයි. විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ නුවන් තුෂාර කඩුලු ත්‍රිත්වයක් ද සමගින් ලකුණු 20 කට කඩුලු 05 ක් දවාගැනීමට සමත්වුණා.

    Latest News