රොනාල්ඩෝට තරග තහනමක්

පෙබ 27, 2024

    සෞදි ප්‍රෝ ලීග් පාපන්දු තරගාවලියේ පසුගිය 25 වන සිකුරාදා නිමාවූ අල් නසාර් සහ අල් ෂබාබ් අතර තරගය ගෝල 3-2 ක් ලෙස අල් නසාර් ක්‍රීඩකයින් ජය හිමි කර ගත්තා.


    තරගය පැවැත්වුනේ රියාද් හි ප්‍රින්ස් ෆයිසාල් බින් ෆහඩ් ක්‍රීඩාංගණයේදීයි. 21 වන මිනිත්තුවේදී අල් නසාර් කණ්ඩායම නියෝජනය කරන පෘතුගාල සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තරගයේ පළමු ගෝලය වාර්තා කළා.

    කෙසේ වෙතත් තරගය අවසානයේ රොනාල්ඩෝ ප්‍රතිවාදී තරඟ නරඹන්නන් හට අසභ්‍ය ලෙස උසුලු විසුලු කරමින් හැසිරී තිබෙනවා.

    මේ සම්බන්ධව අල් ෂබාබ් කණ්ඩායම විසින් සෞදි ප්‍රෝ ලීග් විනය කමිටුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඊයේ සෞදි අරාබි පුවත් පතක් වන අල් රියාදියා වාර්තා කළේ අදාල විනය විරෝධී හැසිරීම සම්බන්ධයෙන් රොනාල්ඩෝට තරඟ 2ක තහනමකට සහ දඩයකට මුහුණ දීමට සිදු විය හැකි බවයි.

    කෙසේ වෙතත් සෞදි ප්‍රෝ ලීගය තවමත් ඔහුට කිසිදු දඬුවමක් ප්‍රකාශයට පත් කර නැහැ.

    Latest News