ලොව වේගවත්ම T20 ශතකය නිකොල් ගෙන්

පෙබ 27, 2024

    ලොව වේගවත්ම T20 ශතකය පන්දු 33 කින් වාර්තා කිරීමට නැමීබියා ක්‍රීඩක ජෑන් නිකොල් ලොෆ්ටී ඊට්න් සමත් වුනා.

    ඒ මීට සුළු මොහෙතකට පෙර අවසන් වූ නැමීබියාව සහ නේපාලය අතර Nepal Tri-Nation T20 තරගාවලියේ ප්‍රථම තරගයේදී.

    ජෑන් ගේ ඉනිමට 4 පහර 11ක් සහ 6 පහර 8ක් ඇතුලත්.

    ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නැමීබියාව කඩුලු 4ක් දැවී ලකුණු 206ක් ලබාගත්තා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාලයට ලබා ගත හැකි වූයේ පන්දු වාර 18.5 කදී සියල්ලන් දැවී ලකුණු 186ක් පමණයි.

    ඒ අනුව තරගයෙන් නැමීබියාවට ලකුණු 20ක ජයක් හිමි වුනා.

    මෙතෙක් මෙම වාර්තාවට හිමි කම් කිවූ නේපාල ක්‍රීඩක කුශාල් මල්ලා ද මෙම තරගයට ක්‍රීඩා කළා. ඔහුට ලබා ගත හැකි වූයේ ලකුණු 32ක් පමණයි.

    තරගයේ වීරයා ජෑන් නිකොල්.

    Latest News