කෙන්යාව ලෝකයට ගෙන ගිය ලෝක ශූරයා නික්මෙයි

පෙබ 24, 2024

    මැරතන් ලෝක වාර්තාවට හිමිකම් කියූ කෙන්යාවේ වීරයකු ලෙස විරුදාවලිය ලත් කෙල්වින් කිප්ටම් රිය අනතුරක් නිසා සදහටම ජීවිතයෙන් සමු ගත්තා.


    ලොව බිහි වූ විශිෂ්ඨතම ක්‍රීඩකයකු ලෙස සැලකෙන ලෝක පිරිමි මැරතන් ශූරතාවයට හිමිකම් කියන කිප්ටම් මෙම වසරේ පැරීසියේ පැවැත්වෙන ඔලිම්පික් තරගයට සහභාගි වීමට සූදානමින් සිටියා.

    අන්ත දුප්පත් එඩේරකු ලෙස පයට පාවහන් වත් නොමැතිව සිටි කාලයේ ඔහුට උදව් කළ ඔහුගේ පුහුණුකරු රුවන්ඩා ජාතික ගාවේස් හකිසිමානාද අනතුරනිසා ජීවිතක්ෂයට පත් වුනා. පුහුණුකරු සමග ගමන් කරන අතරතුර අනතුර සිදු වූයේ මෝටර් රථයේ වේගය කිප්ටම් හට පාලනය කර ගත නොහැකි වීමෙන්.

    චෙප්කෝරියෝ හි රිෆ්ට් නිම්නයේ ඊයේ පැවති අවමංගල්‍ය දේව මෙහෙයට කෙන්යානු ජනාධිපති විලියම් රූටෝ සහ ලෝක මලල ක්‍රීඩා සභාපති සෙබස්තියන් කෝ ඇතුළු දේශපාලන හා ක්‍රීඩා සම්භාවනීය අමුත්තන් සහභාගී වුනා.

    24 හැවිරිදි කිප්ටම් ජාත්‍යන්තර මැරතන් තරග තුනකට පමණක් සහභාගිවී ඇති නමුත් ඒ සෑම එකක්ම මෙතෙක් වාර්තා වූ වේගවත්ම වාර හත අතරට පැමිණියා. ඔහු පසුගිය ඔක්තෝබර් මාසයේදී චිකාගෝ මැරතන් තරගය පැය දෙකයි තත්පර 35 කින් අවසන් කරමින් ලෝක වාර්තාව පිහිටවූවා. ඒ ඔහුගේම රටේ ක්‍රීඩක එලියුඩ් කිප්චෝගේ පිහිටුවා තිබූ වාර්තාව බිඳ දමමින්.

    Last modified on සෙනසුරාදා, 24 පෙබරවාරි 2024 09:43

    Latest News