මංගල කඩුල්ල no ball

පෙබ 23, 2024

    සංචාරක එංගලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත ටෙස්ට් තරග මාලාවේ 4 වන තරගය රන්චි හිදී දැන් පැවැත්වෙනවා.


    කාසියේ වාසිය දිනූ එංගලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් පළමු ඉනිමේ පන්දු වාර 56 ක් අවසනදී කඩුලු 5ක් දැවී ලකුණු 186 ක් ලබා සිටිනවා.

    ජෝ රූට් නොදැවී ලකුණු 58යි. සිය මංගල තරගයට ක්‍රීඩා කරන ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ආකාෂ් දීප් කඩුලු 3ක් දවා ගනිමින් ප්‍රථම තරගයේදීම දස්කම් දක්වමින් සිටිනවා.

    සිය දෙවන පන්දුවාරය ක්‍රියාත්මක කළ ආකාෂ් යැවූ පස්වන පන්දුව එංගලන්ත ආරම්භක පිතිකරු සැක් ක්‍රෝලිගේ ඉනිම නිමා කරමින් කෙළින්ම පිට ඉන්න ඩැහැ ගත් නමුත් අවාසනාවකට එය නෝ බෝල් පන්දුවක් (overstepped) ලෙස විනිසුරු සංඥා කළා.

    Latest News