විජෙයි - කුසල් උදව්වෙන් මුම්බායි කිරුළ ඔසවයි

පෙබ 18, 2024

    ඩුබායි හිදී ඊයේ පැවති International League T20 තරගාවලියේ අවසාන තරගයේ ජය මුම්බායි ඉන්දියන්ස් එමිරේට්ස් කණ්ඩායම හිමි කර ගත්තා.

    ඒ ඩුබායි කැපිටල්ස් කණ්ඩායම ලකුණු 45කින් පරාජය කරමින්.

    කාසියේ වාසිය දිනාගත් ඩුබායි කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා.

    ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් මුම්බායි ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 208ක් ලබා ගත්තා. නිකලස් පූරන් ලකුණු 57යි. ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා පන්දු 26 කදී ලකුණු 38ක් ලබා ගත්තේ 4 පහර 6ක් සමගින්. සිකන්දර් රාසා, සහීර් ඛාන් සහ ඔලී ස්ටෝන් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

    ලකුණු 209 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඩුබායි ක්‍රීඩකයින්ට පන්දු වාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 163ක් පමණයි. නායක සෑම් බිලිංස් ලකුණු 40යි. විජෙයිකාන්ත් වියස්කාන්ත් සහ ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 2 බැගින් දවා ගත්තා.

    තරගයේ වීරයා නිකලස් පූරන්, තරගාවලියේ වීරයා සිකන්දර් රාසා.

    Latest News