ශ්‍රී ලංකා T20 සංචිතය මෙන්න

පෙබ 12, 2024

    ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඇෆ්ගනිස්තානයට එරෙහි T20 තරඟාවලියට සහභාගී වීම සඳහා පහත දක්වා ඇති 16 දෙනෙකුගෙන් යුත් සංචිතය තෝරා ගන්නා ලදී.


    ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් මෙම සංචිතයට අනුමැතිය ලබා දී ඇත.

    සියලු තරඟ පෙබරවාරි 17, 19 සහ 21 යන දිනවල රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරඟ මෙරට වේලාවෙන් රාත්‍රී 7.00 ට ආරම්භ වේ.

    සංචිතය

    1. වනිඳු හසරංග – නායක
    2. චරිත් අසලංක -උප නායක
    3. පැතුම් නිශ්ශංක
    4. කුසල් මෙන්ඩිස්
    5. ධනංජය ද සිල්වා
    6. කුසල් ජනිත් පෙරේරා
    7. ඇන්ජලෝ මැතිව්ස්
    8. දසුන් ශානක
    9. මහීෂ් තීක්ෂණ
    10. බිනුර ප්‍රනාන්දු
    11. මතීෂ පතිරණ
    12. ඩිල්ෂාන් මධුශංක
    13. නුවන් තුෂාර
    14. අකිල ධනංජය
    15. කමිඳු මෙන්ඩිස්
    16. සදීර සමරවික්‍රම



    දුෂ්මන්ත චමීර එක්දින තරගාවලිය අතරතුරදී ඇතිවූ ආබාධයෙන් සුවය ලබමින් සිටින නිසා චමීර වෙනුවට බිනුර ප්‍රනාන්දු සංචිතයට කැඳවා තිබෙනවා.

    Last modified on සදුදා, 12 පෙබරවාරි 2024 17:16

    Latest News