ශ්‍රී ලංකා කණ්ඩායම පල්ලෙකැලේ හොල්ලයි - පැතුම්ගේ පිත්තෙන් ගෙන් ලකුණු 210ක්

පෙබ 09, 2024

    ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර එක් දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වන විට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.  

    පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03ක් දැවි ලකුණු 381 ලබාගත්තා. කාසියේ වාසිය හිමිකර ගත්, ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායක, හෂ්මතුල්ලා ෂහිදි පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාවට ශ්‍රී ලංකා පිලට ලබා දුන්නා. ඒ අනුව, ඉනිම ආරම්භ කළේ, අවිශ්ක ප්‍රනාන්දු සහ පැතුම් නිස්සංක. පළමු කඩුල්ලට විශිෂ්ට සබඳතාවක් ගොඩනැගීමට මොවුන් දෙදෙනා සමත්වුණා. අවිශ්ක ප්‍රනාන්දු පන්දු 88 කට මුහුණ දී ලකුණු 88 ක් ලබාගත්තා.  ඔහු දැවී යන විට ලකුණු පුවරුව සටහන් වූයේ ලකුණු 182කට කඩුලු 01ක් ලෙසයි. කුසල් මෙන්ඩිස් ලකුණු 16කට දැවී ගියා. සදීර සමරවික්‍රම පන්දු 45කදී ලකුණු 45 ක් ලබාගත්තා. අති විශිෂ්ට පිතිහරඹයක නිරතවූ පැතුම් නිස්සංක පන්දු 139 කට මුහුණදී නොදැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 210ක්. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 03 ක් දැවී ලකුණු 381 ක් ලබාගත්තා.

    Latest News