කලු වලාවේ රිදී රේඛාව සොයන ඇෆ්ගනිස්ථානය

පෙබ 04, 2024

    ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන් වන දිනය අවසන් වන විට ඇෆ්ගනිස්ථානය තම දෙවැනි ඉනිමට කඩුල්ලක් දැවී ලකුණු 199ක් ලබා සිටියා.

    තරගය පැවැත්වෙන්නේ, කොළඹ ‍එස් එස් සී ක්‍රීඩාංගනයේදී.

    තරගයේ තුන්වැනිය දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව තම පළමු ඉනිමට කඩුලු 06ක් දැවී ලකුණු 410ක් ලබා සිටියා.

    ඔවුන්ගේ පළමු ඉනිම සීමා වුණේ ලකුණු 439කට. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 141ක් රැස් කළ අතර, දිනේෂ් චන්දිමාල් ලකුණු 107යි. පන්දු යැවීමේදී නවීඩ් සාඩ්‍රන් කඩුලු 04ක් බිඳ හෙලුවා. අනතුරුව ඇෆ්ගනිස්ථාන දෙවැනි ඉනිම ආරම්භ කළේ, ඊබ්‍රයිම් සාඩ්‍රන් සහ නූල් අලි සාඩ්‍රන්.

    ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 106ක සබඳතාවක් ගොඩ නැගුවා. නූර් අලි ලකුණු 47යි. විශිෂ්ට ඉනිමක් ගොඩනැගූ ඊබ්‍රයිම් සාඩ්‍රන් තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ පළමු ශතකය වාර්තා කළා. අද දිනය නිමාවන විට ඔහු නොදැවී ලකුණු 101ක් සහ රහමඩ් ෂා නොදැවී ලකුණු 46ක් ලබා සිටියා.  

    Last modified on ඉරිදා, 04 පෙබරවාරි 2024 19:22

    Latest News