සෙබලෙන්කා කිරුළ ඔසවයි

ජන 28, 2024

    ඕස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ, කාන්තා කේවල අවසාන මහා තරගයේ ශූරතාව හිමිකර ගැනීමට, බෙලරුසියානු ක්‍රීඩිකා අරීනා සෙබලෙන්කා සමත් වුණා.

    ඒ, චීන ජාතික ක්‍රීඩිකා චින් වෙන් ෂෙන්ග් පරාජය කරමින්.

    මෙල්බර්න් පාර්ක් හිදී පැවති තරගාවලියේ, වට දෙකේම 6-3 ක් සහ 6-2 ක් ලෙස පහසු ජයග්‍රහණයක් හිමිකර ගැනීමට අරීනා සෙබලෙන්කා සමත් වුණා.

    ඒ අනුව තරගයේ එක් වටයක්වත් ජයග්‍රහණය කිරීමට ප්‍රතිවාදී ක්‍රීඩිකා චින් වෙන් ෂෙන්ග් ට නොහැකි වූ අතර පසුගිය වසරේ ද කාන්තා කේවල අංශයේ ශූරතාව හිමිකර ගත්තේ ලොව ශ්‍රේණිගත කිරීම්වල අංක දෙකේ පසුවන අරීනා සෙබලෙන්කා ක්‍රීඩිකාවයි.

    එම තරගාවලියේ පිරිමි කේවල අවසන් මහා තරගය, මෙල්බර්න් පාර්ක් හිදී අද ආරම්භ වීමට නියමිතයි. ඒ, ඉතාලි ජාතික ජැනික් සිනර් සහ රුසියානු ජාතික ඩැනියෙල් මෙඩ්විඩෙව් අතරයි.

    Latest News