චමරිට ලැබුණු නායකත්වය

ජන 24, 2024
    අන්තර් ජාතික ක්රිකට් කවුන්සිලය ප්රකාශයට පත් කළ 2023 වසරේ එක් දින කාන්තා ක්රිකට් කණ්ඩායමේ නායකත්වය ද ශ්රී ලංකාවේ චමරි අතපත්තුට හිමිව තිබෙනවා.

    මෙම කණ්ඩායම නම් කර ඇත්තේ, පසුගිය වසරේ දී එක් දින ජාත්යන්තර තරග බිමේ ඉහළ දක්ෂතා දැක්වූ ක්රීඩිකාවන් අතරින්.

    චමරි පසුගිය වසරේදී එක් දින ලකුණු 415ක් රැස් කරගෙන 69යි දශම 1යි 6ක සාමාන්යයක් පවත්වාගෙන ගියා.
     
    ඇය, 2023 අයි.සී.සී 20යි 20 කාන්තා ක්රිකට් කණ්ඩායමේ නායක ලෙසද නම් කෙරුණා.
     
    මේ අතර, ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය ප්රකාශයට පත් කළ ටෙස්ට් කණ්ඩායමට ඇතුලත්ව තිබෙනවා.

    Latest News