ව්‍යාඝ්‍රයෝ ආසියාවේ ශූරයෝ

දෙසැ 17, 2023

    වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට බංග්ලා‍දේශ කණ්ඩායම අද සමත් වුණා.

    ඔවුන් මෙම ශූරතාව හිමිකරගත් පළමු අවස්ථාව මෙයයි.

    බංග්ලාදේශය සහ එක්සත් අරාබි එබීර් රාජ්‍ය අතර අවසන් මහා තරගය පැවැත්වුණේ, ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 ඇතුළත කඩුලු 08ක් දැවී ලකුණු 282ක් රැස් කළා.

    ආශික් රහමාන් ලකුණු 129යි. පන්දු යැවීමේදී අයමන් අහමඩ් කඩුලු 04ක් බිඳ හෙලුවා. පිළිතුරු ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පන්දුවාර 24යි පන්දු 5ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 87ක් පමණයි. තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 195ක ජයක් හිමිවුණා.

    Latest News