ඉන්දියාව පරාජය කළ පකිස්තානයට කඩුලු 8ක ජයක්

දෙසැ 11, 2023

    වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන එක් දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගය අද පැවැත්වෙනවා.

    තරගාවලියේ ඊයේ පැවති තරගවලින් පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය ජය හිමිකර ගත්තා.

    තරගාවලිය ඩුබායිහිදී පැවැත්වෙනවා. පකිස්ථානය ඊයේ තරග වැදුනේ ඉන්දියාව සමගයි. පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව, පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 259 ක් රැස් කළා. පිළිතුරු ලෙස පකිස්තානය තරගය ජය ගත්තේ පන්දුවාර 47 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 263 ක් රැස් කරමින්. අසාන් අවේයිස් නොදැවී ලකුණු 105 යි.

    ඇෆ්ගනිස්ථානය ඊයේ තරග වැදුනේ නේපාලය සමගයි. පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර 49 පන්දු 3 කදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 261 ක් රැස් කළා. ජම්ෂීඩ් සාඩ්රන් ලකුණු 106 යි. පිළිතුරු ලෙස නේපාල ක්‍රීඩකයින්ට පන්දුවාර 40 පන්දුවක් අවසානයේ සියලු ක්‍රීඩකයන් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 188 ක් පමණයි. ඇෆ්ගනිස්ථානය තරගය ජයගත්තේ ලකුණු 73 කින්.

    Latest News