New York Strikers T10 කිරුළ ඔසවයි

දෙසැ 10, 2023

    අබුඩාබි ටී-10 ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නිව්යෝක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත් වුණා.

     

    ඒ, අවසන් මහා තරගයේ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 7 කින් පරාජය කරමින්.  පළමුවෙන් පන්දුවට පහර දුන් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම, පන්දු වාර 10 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 91 ක් රැස් කළා.

    ලකුණු 92 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම, පන්දුවාර 9 යි පන්දු දෙකක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 94 ක් රැස් කළා. ඒ අනුව, තරගාවලියේ ශූරතාව නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට හිමි වුණා.

    Last modified on ඉරිදා, 10 දෙසැම්බර් 2023 20:23

    Latest News