කොදෙව්වන් පරදා එංගලන්තය ජය ගනී

දෙසැ 07, 2023

    සංචාරක එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය, කඩුලු 6 කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.


    තරගය පැවත්වුණේ, ඇන්ටිගුවා හි සර්විවියන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. මුලින් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සියලුදෙනා දැවී, ලකුණු 202 ක් රැස් කළා. ශායි හෝප් ලකුණු 68 යි. පන්දු යැවීමේදී ලියම් ලිවින්ස්ටන් ලකුණු 39 ට කඩුලු 3 ක් බිඳහෙලුවා.

    අනතුරුව, ලකුණු 203 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම, කඩුලු 4 ක් දැවී ලකුණු 206 ක් රැස් කරමින් තරගයේ ජය හිමි කර ගත්තා. විල් ජැක්ස් ලකුණු 73 ක් රැස් කළා. පන්දු යැවීමේදී ගුඩා කේෂ් මොටී ලකුණු 34 කට කඩුලු 2 ක් දවා ගත්තා.

    Last modified on සිකුරාදා, 08 දෙසැම්බර් 2023 08:36

    Latest News