තහනම මැද පුංචි සිංහයෝ සටන් බිමට

දෙසැ 06, 2023
    ඩුබායි හි පැවැත්වෙන ආසියානු ක්රිකට් ශූරතා තරගාවලියට සහභාගි වීම සදහා වයස අවුරුදු 19 න් පහළ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම අද අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියා.

    ශ්රී ලංකාවට ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය තහනමක් පනවා ඇති පසුබිමක, ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමක් සහභාගී වන ප්රථම ජාත්යන්තර තරගාවලිය මෙයයි.

    ක්රීඩකයින් සහ නිලධාරීන් 27 දෙනෙකුගෙන් යුතු මෙම ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ නායකත්වය කොළඹ රාජකීය විද්යාලයේ සිනෙත් ජයවර්ධන විසින් හොඹවනු ලබයි.
     
    කටුනායක ගුවන් තොටුපොළේ දී සිය අදහස් දැක්වූ සිනෙත් ජයවර්ධන පවසා සිටියේ තම කණ්ඩායම හොද මානසිකත්වයකින් සිටිව බවයි.
     
    ඒ අනුව මෙම ආසියානු ශූරතා තරගාවලිය ජයග්රහණය කිරීමට අපේක්ෂා කරන බවත් පැවසීය. මොවුන් සහභාගී වන පළමු තරගය එළඹෙන 09 වැනි දින ජපාන කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතයි.
     
    ශ්රී ලංකා යොවුන් ක්රිකට් කණ්ඩායම අද අලුයම 02.55 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.649 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියා.

    Latest News