ටයිම් සඟරාවේ ඉතිහාසය වෙනස් කළ මෙසි

දෙසැ 06, 2023
    ජාත්යන්තර ටයිම් සඟරාවේ වසරේ ක්රීඩකයා ලෙස ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායම් නායක සහ ඉන්ටර්මයාමි පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්රීඩක ලයනල් මෙසී නම් කර ති‌බෙනවා.
    මේ අනුව ටයිම් සඟරාව, වසරේ ක්රීඩකයා ලෙස නම් කළ පළමු පාපන්දු ක්රීඩකයා ලෙසයි ලයනල් මෙසී ඉතිහාසයට එක්වන්නේ.
     
    මෙසී පසුගිය ජූලි මාසයේදී ඉන්ටර් මයාමි පාපන්දු කණ්ඩායම සමඟ එක් වූ අතර ඔවුන්ගේ පළමු කුසලානය වන ලීග් කුසලානය ජයග්රහණය කිරීමට තරඟ 14 කදී ගෝල 11 ක් රැස් කළා.
     
    36 හැවිරිදි ඔහු ඔක්තෝම්බර් මාසයේදී 8 වැනි වරටත් බැලොන් ‌ඩෝර් සම්මානය දිනා ගැනීමට සමත් වුණා. සඟරාව පැවසුවේ මෙසීගේ පැමිණීමත් සමග මේජර් ලීග් පාපන්දු ක්රීඩා නැරඹීමට ප්රේක්ෂක පැමිණීමට ඉහළ ගිය බවයි.
     
    එමෙන් ප්රවේශපත්ර මිල හා වෙළඳ භාණ්ඩ අලෙවිය ද ඉහළ ගොස් තිබෙනවා. 1927 වසරේ සිට TIME සඟරාව විසින් වසරේ පුද්ගලයා සම්මානය වාර්ෂිකව පිරිනමනු ලබන නමුත් වසරේ ක්රීඩකයා තේරීම සිදු කරනු ලබන්නේ 2019 වසරේ සිටයි.
     
    අමෙරිකානු පැසිපන්දු විශිෂ්ඨයෙකු වන ලෙබෝන් ජේම්ස්, ජිම්නාස්ටික් ක්රීඩිකා සයිමන් බිල්ස් සහ බේස්බෝල් තරුවක් වන ඒරොන් ජජ් මෙම සම්මානය මීට පෙර දිනාගෙන තිබෙනවා.

    Latest News