ඇන්ජිගෙන් ගින්දර වගේ තුනක්

නොවැ 29, 2023
    අබුඩාබි ටීටෙන් ක්රිකට් තරගාවලියේ පළමු දිනයේදීම කඩුලු ත්රිත්වයක් වාර්තා කිරීමට ශ්රී ලංකා තුන්ඉරියව් ක්රීඩක ඇන්ජලෝ මැතිව්ස් සමත් වුණා.

     

    ඒ, සෑම් ආමි කණ්ඩායම සමග පැවති තරගයේදී. තරගාවලියේදී ඇන්ජලෝ නියෝජනය කරන්නේ නොදර්න් වොරියස් කණ්ඩායමයි.
     
    තරගය පැවැත්වුනේ අබුඩාබිහි සෙයිඩ් ක්රිකට් ක්රීඩාංගනයේදී. පළමුවෙන් පන්දුවට පහර දුන් නොදරන් වොරියස් කණ්ඩායම පන්දුවාර 10 අවසානයේ කඩුලු 5 කට ලකුණු 103 ක් රැස් කළා.
     
    කොලින් මුන්ඩ්රෝ ලකුණු 36 ක් ලබාගත් අතර හස්රතුල්ලා සසායි ලකුණු 20 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී කුඅයිස් අහමඩ් කඩුලු 2 ක් දවා ගත්තා.
     
    පිළිතුරු ලෙස සෑම් ආමි කණ්ඩායමට පන්දුවාර 10 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 94 ක් පමණයි. තරගාවලියේ අවසන් පන්දු වාරය ක්රිඩා කළ ඇන්ජලෝ මැතිව්ස් කඩුලු ත්රිත්වයක් දවා ගැනීමට සමත් වුණා.
     
    එහිදී ඔහු හමුවේ දැවී ගියේ මොයින් අලි, බැසිල් හමීඩ් සහ කුවයිස් අහමඩ් යන ක්රීඩකයින්. ඇන්ජලෝ මැතිව්ස් පන්දුවාර දෙකකදී ලකුණු 19 කට කඩුලු තුනක් දවා ගත්තා.

    Latest News