තහනම අනුමතයි

නොවැ 21, 2023

    ලබන වසරේ මෙරටදී පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 19 පහල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක්වය දකුණු
    අප්‍රිකාවට ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

     

    ඒ මේ වන විට මෙරට ක්‍රිකට් ආයතනයේ පවතින පරිපාලනමය ගැටලු හේතුවෙන්.

    මේ අතර මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කිරීමට නොවැම්බර් 10 වනදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ගත් තීරණය අද අයිසීසී විධායක
    මණ්ඩල රැස්වීමේදී අනුමත කර තිබෙනවා. නමුත් එම තහනම පැවතියද ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තරගාවලි සඳහා එමගින්
    බලපෑමක් ඇති නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් මෙරටට ලබාදෙන මුදල් දැඩි පාලනයක් යටතේ ලබා දීමට ඔවුන් තීරණය කළ බවද
    විදෙස් මාධ්‍ය පවසනවා. අයිසීසී විධායක කමිටු රැස්වීම අහමදාබාද් හිදී පැවැත්වෙනවා.

    Latest News