අපිට හොඳ තණතීරු නෑ

නොවැ 12, 2023

    අද උදෑසන පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයකු හා වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ තණතීරු වල ක්‍රීඩා කර ජාත්‍යන්තර තණතීරුවලට මාරු වී ජයග්‍රහණ ලබා ගැනීම දුෂ්කර බවත් ඊට හේතුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සමාජ තරග සහ අනෙකුත් තරග ක්‍රීඩා කරන බොහෝ තණතීරු හොඳ තත්වයක නොතිබීම බවයි.

    "ජාත්‍යන්තර තණතීරු සකස් කරලා ක්‍රීඩකයන්ට අත්දැකීම් ලබා දෙන්න අපිට පුළුවන්. ඉදිරිය ගැන හිතනව නම් ක්‍රීඩා සමාජ තරගත් හොඳ තණතීරු වල සෙල්ලම් කරන්න ඕනේ. ක්‍රීඩකයන්ට අත්දැකීම් ලබා දෙන්න ඔනේ එතකොට අපිට ජාත්‍යන්තර මට්ටමෙන් උනත් ඒ මාරු වීම් පහසුවෙන් කරන්න පුළුවන්.

    U19 ක්‍රීඩකයෙක් උනත් ඇවිල්ල පළමුව ක්‍රීඩාකරන්නෙ ක්‍රීඩා සමාජ තරග. ඔවුන්ගේ කුසලතාවයන් හදා ගන්න නම් අපි හොඳ තණතීරු වල සෙල්ලම් කරන්න ඕනෙ.

    දැනට ක්‍රීඩා කරල තියෙන ක්‍රීඩා සමාජ තරග වලින් 86%ක් පන්දු යවල තියෙන්නේ දඟ පන්දු යවන්නන්. අපි දැක්කා ඊයේ පෙරේදා තරඟ දෙකක් ක්‍රීඩා කළා මුළු ඉනිමම පන්දු යවල තියෙන්නේ දඟ පන්දු යවන්නන්, වේග පන්දු යවන්නන් එක පන්දු ඕවරයක් වත් යවල නෑ. ඉතිං අපි කොහොමද අපේ ක්‍රීඩකයන් ජාත්‍යන්තරයට ගෙනියන්නෙ ? "

    වැඩි දුරටත් අදහස් දැක්වූ මහේල අවධාරණය කළේ ඉදිරි වසර 10 දී ශ්‍රී ලංකා ක්‍රිකට් කොහෙද තියෙන්නේ යන්නට පිළිතුරු සෙවීමට නම් සැලසුමකට අනුව අඩුපාඩු සකස් කර ගනිමින් ජයග්‍රහණයන් කරා යා යුතු බවයි .

    Last modified on ඉරිදා, 12 නොවැම්බර් 2023 14:16

    Latest News