ක්‍රිකට් ගැන තීරණාත්මක තීන්දුවක් අද පාර්ලිමේන්තුවේදී

නොවැ 09, 2023
    "දූෂිත ශ්රී ලංකා ක්රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම" යන මැයෙන් ආණ්ඩු පක්ෂ සහ විපක්ෂය ඒකාබද්ධව ගෙන එන යෝජනා සම්මතය අනූව විවාදය අද (09) පැවැත්වෙනවා.

    ඒ පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා. විවාදයට අදාළ යෝජනාව විපක්ෂ නායක සජිත් ප්රේමදාස විසින් ඉදිරිපත් කෙරුණු අතර ආණ්ඩු පාර්ශවය විසින් එය ස්ථීර කරනු ලැබුවා.

    ඒ අනූව, ප.ව 5.30ට එම යෝජනාවට අදාළ ඡන්ද විමසීමක්ද අද පැවැත්වීමට නියමිතයි.
     
    මේ අනූව ශ්රී ලංකාවේ ක්රිකට් ක්රීඩාවේ උන්නතිය සඳහා දූෂිත වර්තමාන ශ්රී ලංකා ක්රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය වහා ඉවත් විය යුතු යැයිද, දූෂණයෙන් තොරව ක්රිකට් පරිපාලනය විනිවිද භාවයෙන් යුතුව පවත්වා ගෙන යාම සඳහා ක්රිකට් පරිපාලනය වෙනුවෙන් නව නීති පද්ධතියක් පනතක් හරහා සම්මත කළ යුතු යැයි ද එකී යෝජනා සම්මතය මගින් දක්වා තිබෙනවා.

    Latest News