ගොවි මහතුන්ට ඩීසල් වාසියක්

නොවැ 07, 2023
    වගා හානි සිදු වූ ගොවීන්ට මහ කන්නයේ වගා කටයුතු සඳහා රුපියල් 17,000 ක ඩීසල් නොමිලයේ ලබා දීමට පියවර ගන්නා බව, අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා.

    කෘෂිකර්ම අමාත්යාංශයේ ඊයේ පැවති සාකච්ඡාවක දී, මේ බව, තීරණය කර තිබෙනවා.

    පසුගිය කන්නයේ දී නියඟය නිසා අක්කර 65,000 ක පමණ වගාවන්ට හානි සිදු වුණා.
     
    එම ගොවිබිම් නැවත වගා කිරීම් සඳහා යි, මෙම ඩීසල් සහනය ලබා දීමට පියවර ගෙන ඇත්තේ.
     
    එය රුපියල් 15,000 පොහොර සහනාධාරයට හා වගා හානි වන්දිවලට අමතරව ලබා දීමට, සාකච්ඡාවේ දී තීරණය කෙරුණා.
     
    වගා හානි වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක් ලබා දීමට ද කෘෂිකර්ම අමාත්යාංශය පියවර ගෙන තිබෙනවා.
     
    චීන රජයෙන් ගොවීන්ට ලබා දුන් ඩීසල් සහනාධාරයෙන් ඩීසල් ලීටර් මිලියන 2 ක් පමණ ඉතුරුවක් පවතිනවා.
     
    එම ඩීසල් තොගය වගා හානි සිදු වූ ගොවීන්ට ලබා දීමට තීරණය කර ඇති බවද අමත්ය මහින්ද අමරවීර මහතා කියා සිටියා. ඒ අනුව ගොවියෙකුට ඩීසල් ලීටර 40 ක් ලබා දීමට නියමිතයි.
     
    උඩවලව ජලාශය සිඳී යාම නිසා වගා හානි වූ වලව කලාපයේ ගොවීන්ට ප්රමුඛත්වය ලබා දීමට ද තීරණය කෙරුණා.

    Latest News