අතුරු කමිටුවට තහනම් නියෝගයක්

නොවැ 07, 2023
    ලෝක කුසලාන එක් දින ක්රිකට් තරගාවලියෙන් ඉවත් වීමට ශ්රී ලංකා කණ්ඩායමට ඊයේ සිදු වුණා. ඒ, බංග්ලාදේශය සමග පැවති තරගය කඩුලු 3 කින් පරාජය වීමත් සමගයි.

    එම පරාජයත් සමග 2025 වසරේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන ක්රිකට් තරඟාවලියට සුදුසුකම් ලැබීම ද ශ්රී ලංකා කණ්ඩායමට අවිනිශ්චිත වී තිබෙනවා.

    දිල්ලි හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්රී ලංකාවට ආරාධනා කළා. ඉනිම ආරම්භ කළේ, පැතුම් නිස්සංක සහ කුසල් ජනිත් පෙරේරා.
     
    ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 5 කට සීමා කරමින් කුසල් පෙරේරා ලකුණු 4 කට දවා ගැනීමට බංග්ලාදේශය සමත් වුණා. පැතුම් නිස්සංක ලකුණු 41 යි.
     
    සධීර සමරවික්රම ද ලකුණු 41 කට දැවී ගියා. සධීර සිව්වැනි කඩුල්ල ලෙස දැවී යන විට ශ්රී ලංකා ලකුණු පුවරුව සටහන් වුණේ, ලකුණු 135 ක් ලෙසයි.

    Latest News