අතුරු කමිටුවේ බලතල මොනවාද?

නොවැ 06, 2023
    1975 අංක 25 දරණ ක්රීඩා පනතේ, 32 වැනි වගන්තිය යටතේ ක්රීඩා අමාත්යවරයා ලෙස රොෂාන් රණසිංහ මහතා පත්කල අතුරුපාලන කමිටුවේ බලතල ප්රකාශයට පත් කර තිබෙනවා.

    2022 වසරේ ලෝක කුසලාන 20-20 ක්රිකට් තරගාවලිය ආශ්රිත විශේෂ විගණන වාර්තාව මගින් හෙළිදරව් කරනු ලැබූ ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ හිටපු විධායක කමිටුව විසින් සිදු කරනු ලැබ ඇති දූෂණ විමර්ශන අක්රමිකතා සහ යුතුකම්, වගකීම් ඉටු කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් විමර්ශනය කර, සුදුසු ක්රියාමාර්ග ගැනීමට අවශ්ය නිසා මෙම අතුරු පාලන කමිටුව පත් කළ බව, ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

    අවශ්ය නීත්යානුකූල ක්රියාමාර්ග ස්වාධීනව විනිවිදභාවයකින් යුතුව සහ විශ්වසනීය ලෙස ඉටු කිරීමට අවකාශ සලසා දීම සඳහා ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ලියාපදිංචිය අද දින සිට අත්හිටවනු ලැබ ඇති බවද ගැසට් නිවේදනයේ දැක්වෙනවා.
     
    වර්තමානයේ ශ්රී ලංකා ක්රිකට් ආයතනය පිළිබඳව මහජනතාව තුළ විශ්වාසය කඩ වී ඇති බව, පෙනී යන හෙයින් සහ ශ්රී ලංකාව ක්රිකට් ක්රීඩාව සම්බන්ධයෙන් අපකීර්තියට පත් කිරීමට කරුණු යෙදී ඇති හෙයින් ද ඊට ප්රතිකර්ම සැලසීම සඳහා සුදුසු විධිමත් විමර්ශනයක් පවත්වා තමා වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම ද අතුරු පාලන කමිටුවේ සාමාජිකයිගෙන් අපේක්ෂා කරන බවයි, ක්රීඩා අමාත්යවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
     
    ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලවරණයක් යළි පවත් වන තෙක් හෝ නැවත දැනුම් දෙනතුරු අතුරු පාලන කමිටුව අද සිට බලාත්මකයි.
    Last modified on සදුදා, 06 නොවැම්බර් 2023 11:22

    Latest News