දකුණු අප්‍රිකාවට ලකුණු 270ක අභියෝගයක්

ඔක් 27, 2023

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ මේ වන විට පැවැත්වෙන පකිස්තාන සහ දකුණු අප්‍රිකා තරගයෙන් මුලින් පන්දුවට පහරදුන් පකිස්තාන කණ්ඩායම පන්දුවාර 46 යි පන්දු 4 කදී සියලුම ක්‍රීඩකයින් දැවී ලකුණු 270 ක් ලබාගැනීමට සමත්වුණා.

    නායක බාබර් අසාම් පන්දු 65කදී හයේ පහරක් සහ 4 පහර 4ක් සමගින් ලකුණු 50ක් රැස්කරගැනීමට සමත් වුණා. සාවුද් ශකීල් පන්දු 52 කදී ලකුණු 52යි. පන්දු යැවීමේදී ශම්සි ලකුණු 60ටක කඩුලු 4ක් දවාගැනීමට සමත්වුණා. ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 50ක් අවසානයේ ලකුණු 271ක් ලබාගැනීමයි.

    මේ වන විට පන්දුවට පහරදෙන දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 02 ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 30 ලබා සිටිනවා.

    Latest News