එංගලන්තයෙන් සංගාට ලැබුණ අලුත් තනතුර

ඔක් 03, 2023

    ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, කුමාර සංගක්කාරට එංගලන්තයේ මාලිබෝන් ක්‍රිකට් සාමාජයේ සභාපති ධුරයට පත්ව තිබෙනවා.

    සංගක්කාර මීට පෙරද එහි එම ධුරයේ කටයුතු කළා.
    සංගක්කාර, මාලිබෝන් ක්‍රිකට් සමාජයේ කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කළ අතර, හිටපු එංගලන්ත නායක මයික් ගැටිංගෙන් හිස් වූ සභාපති ධුරය සඳහා යි සංගක්කාර පත් කෙරුණේ.
    මෙම "මාලිබෝන්" ක්‍රීඩා සමාජය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ සමාජික රටවල්වල අනුපූරක ආයතනයක් ලෙස කටයුතු කරනවා.
    සංගක්කාර මිට පෙර 2019 වසරේ දී ද "මාලිබෝන්" ක්‍රීඩා සමාජයේ සභාපති ධුරයට පත් වුණා.

    Latest News