ගිලිහුනු පදක්කම් බලාපොරොත්තුව

ඔක් 02, 2023

    ‍ආසියානු ක්‍රීඩා උ‍ලෙළේදී ශ්‍රී ලංකාවේ තවත් පදක්කමක් බලාපොරොත්තුවක් අද ගිලිහි ගියා.

    ඒ, මීටර 400x4 මිශ්‍ර සහය දිවීමේ තරගය සම්බන්ධයෙන් තබා තිබූ බලාපොරොත්තුවයි. මෙම ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූයේ, අරුණ දර්ශන, නදීෂා රාමනායක, කාලිංග කුමාරගේ සහ තරුෂි කරුණාරත්න. ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරගය දෙවැනි ස්ථානයට නිමා කළත්, තරගය ආරම්භ කළ අරුණ දර්ශන, වැරදි මංතීරුවක් ස්පර්ශ කිරීම නිසා කණ්ඩායම තරගයෙන් ඉවත් කෙරුණා.

    ඒ අනුව, ශ්‍රී ලංකාවට හිමි වීමට තිබූ රිදී පදක්කම ගිලිහි ගියා. ප්‍රථම ස්ථානය හිමිකරගත්තේ, බහරේන් රාජ්‍යයයි. ඔවුන් තරගය නිමා කළේ, විනාඩි 3යි, තත්පර 14.02 කින්. ශ්‍රී ලංකාවට හිමි වීමට තිබූ රිදී පදක්කම, ඉන්දියාවටත්, ලෝකඩ පදක්කම කසකස්ථානයටත් හිමි වුණා. වසර 17 කට පසු ආසියානු ක්‍රීඩා උලෙළකදී මලල ක්‍රීඩා ඉසව්වෙන් ශ්‍රී ලංකාවට හිමි වීමට තිබූ පදක්කමක් එලෙස අහිමි වී ගියා.

    Latest News