චාමිකත් කැඳවයි හෙට ඉන්දියාවට

සැප් 26, 2023

    ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

    ඊට නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව තිබෙනවා.
    නම් කළ කණ්ඩායමට ක්‍රීඩකයින් 15 දෙනෙකු සහ අතිරේක ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළත්. නායකත්වය දසුන් ශානකට සහ උපනායකත්වය කුසල් මෙන්ඩිස්ට පවරා තිබෙනවා.පැතුම් නිස්සංක, කුසල් ජනිත් පෙරේරා, චරිත් අසලංක, දිමුත් කරුණාරත්න, සධීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දිල්ෂාන් මධුශංක, ලහිරු කුමාර, කසුන් රජිත, මතීෂ පතිරණ සහ වනිඳු හසරංග එම කණ්ඩායමට ඇතුළත්.
    අතිරේක ක්‍රීඩකයින් ලෙස චාමික කරුණාරත්න සහ දුෂාන් හේමන්ත ද හෙට ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි. තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය ලබන 7 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙනු ඇති.

    Latest News