අද ජය කාටද?

සැප් 12, 2023

    ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ සිව්වැනි තරගය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද පැවැත්වෙනවා.


    එය, කොළඹ ආර් ‍ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන්නේ, දිවා රාත්‍රී තරගයක් ලෙසයි.

    ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 4 දෙනාගේ වටයේ ක්‍රීඩා කළ ප්‍රථම තරගය බංග්ලාදේශය සමග පැවති අතර, එය ලකුණු 21 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. අද තරගය ශ්‍රී ලංකාව ජය ගත හොත්, මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ දක්වා එක්දින තරග 165 ක් පවත්වා ඇති අතර, ඉන් තරග 96 ක ජයක ජය හිමි කර ගෙන ඇත්තේ, ඉන්දීය කණ්ඩායමයි. ශ්‍රී ලංකා කණ්ඩායම තරග 57 ක් ජය ගත්තා. එක් තරගයක් ජය පරාජයෙන් තොරවත් තරග 11 ක් තීරණයකින් තොරවත්, නිමා වී තිබෙනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර, අවසන් වරට පැවති තරග 5 න් 4 කම ජය හිමි කර ගෙන ඇත්තේ, ඉන්දීය කණ්ඩායමයි.

    Latest News