ප්‍රවීනයින් පරදා කිරුළ එසවූ කෝකෝ ගෝෆ්

සැප් 10, 2023

    19 හැවරිදි අමෙරිකානු නව යොවුන් ටෙනිස් ක්‍රීඩිකා කෝකෝ ගෝෆ් අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහා තරගයේදී බෙලරුසියාවේ අරීනා සබලෙන්කා පරාජය කරමින් සිය පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව අද (10) දිනා ගත්තා.



    ලකුණු තත්වය 2-6 6-3 6-2 ක් ලෙස දැක්වුනා.

    ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම් හි හයවැනි ස්ථානයේ පසුවන ගෝෆ්, එහි දෙවන ස්ථානයේ පසු වන සබලෙන්කා පරාජය කිරීමත් විශේෂත්වයක්.

    Flushing Meadows Park හි ආතර් අෂේ ක්‍රීඩාංගණයට පැමිණ සිටි 24000 දහසක් පමණ පිරිසගේ ඔල්වරසන් හඬ මැද ගෝෆ් පිටිය මැද වැතිරෙමින් හඩමින් සිය ජයග්‍රහනය දරාගත්තා.

    මෙම ජයත් සමග හෙට පැවැත්වෙන ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම් වලදී ගෝෆ් තෙවන ස්ථානයට පත්වනු ඇතැයි BBC ඇතුළු මාධ්‍ය අනාවැකි පළ කරනවා.

    Latest News