උද්වේගකර තරගයකින් පසු ශ්‍රී ලංකාව සුපිරි සිව් දෙනාගේ වටයට

සැප් 06, 2023

    ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතරට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.


    ඒ ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගය පැවැති තරගය ලකුණු දෙකකින් ජය ගැනීමත් සමගයි.
    ලාහෝර් හිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 කට ලකුණු 292 ක් රැස් කළා.
    වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් මෙන්ඩිස්ව තම විසිතුන්වැනි අර්ධ ශතකයක් සමගින් ලබාගත් ලකුණු සංඛ්‍යාව 92 ක්.
    තම එක්දින ක්‍රිකට් දිවියේ ලකුණු 3000 සීමා වූ පසු කිරීමට ද ඔහු සමත් වුණා.
    පැතුම් නිස්සංක ලකුණු 41 සහ චරිත් අසලංක ලකුණු 36 ක් රැස් කළා.
    දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 33 යි.
    පන්දු යැවීමේදී ගුල්බඩීන් නයිබ් කඩුලු 4ක් බිඳ හෙලූවා.
    සුපිරි කණ්ඩායම් හතර වටයට පිවිසීමට නම් ඇෆ්ගනිස්ථානයට තරගය ජය ගැනීම හිමිවූ පන්දු වාර සංඛ්‍යාව 37 පන්දු 1 ක්.
    ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමු කඩුලු 3 ක් ලකුණු 50 කට දැවී ගියද අනතුරුව පැමිණි පිතිකරුවන් තම ඉලක්කය කරා යාමට වේගවත් ඉනිම් දියත් කරනු දක්නට ලැබුණා.
    රහමට් ෂා පන්දු 40 කදී ලකුණු 45 ක් රැස් කළා.
    ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මොහොමඩ් නබී පන්දු 32 කදී ලකුණු 65 ක් රැස් කලා.
    ඔහුගේ ඉනිමට 4 පහර 6 ක් සහ 6 පහර 5 ඇතුළත්.
    ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ පසුපෙළ පිතිකරුවන්ද වේගවත් ලකුණු රැස් කළේ තම කණ්ඩායමේ ජයග්‍රහණය කෙරෙහි දැඩි බලාපොරොත්තු රඳවා ගනිමින්.
    කෙසේ වෙතත් අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ ජය හිමි වුණා.
    ඇෆ්ගනිස්තානය පන්දුවාර 37 යි පන්දු 4 කදී සියලු ක්‍රීඩකයින දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 289 ක්.
    එම ජයග්‍රහණයක් සමඟ ශ්‍රී ලංකාව සුපිරි කණ්ඩායම් හතරට සුදුසුකම් ලැබුවා. ඇෆ්ගනිස්ථානයට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවුණා.

     

    Latest News