රැජිණයේ රටේ ඉතිහාසය අලුත්කළ අපේ ක්‍රීඩිකාවෝ

සැප් 03, 2023

    එංගලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 8කින් ජය ගත්තා.

    එංගලන්තයේ චෙල්ම්ස්ෆර්ඩ්හිදි පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කාන්තා කණ්ඩායමට පන්දුවාර 18ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 104ක් පමණයි.

    ලකුණු 105ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 13යි පන්දු 2ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී සිටියදී තරගය ජය ගත්තා.

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට එරෙහිව තරගයක් ජය ගත් පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.

    Latest News