400x4 ඉසව්වෙනුත් රන් පදක්කමක්

ජූනි 05, 2023

    මීටර 400X4 මිශ්‍ර ඉසව්වෙන් ද ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමි වුණා.

    එම තරගයට තරුෂි කරුණාරත්න, ජයේෂි උත්තරා, විනෝද් ආරියවංශය සහ ශෙහාන් දිල්රංග එක්ව සිටියා.

    තවද මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ දී රන් පදක්කමක් හිමි කර ගැනීමට තරුෂි කරුණාරත්න සමත් වුණා.

    එමෙන්ම තුන්පිම්ම ඉසව්ව නියෝජනය කළ මලිත් යසිරු ද එම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත්තා.

    ඒ අනුව, මෙවර ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කමක් දිනූ තරුෂි කරුණාරත්න වැඩිම පදක්කම්ලාභිනිය බවට පත්ව සිටිනවා. එමෙන්ම, ජයේෂි උත්තරාට ද රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් හිමි වුණා. හෙට තරගාවලියේ තෙවැනි දිනයයි.

    Latest News