කලකට පසු ශ්‍රී ලංකාවට ලැබුණු රන් පදක්කම (වීඩියෝ)

ජූනි 05, 2023
  • දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලයේදී රන් පදක්කමක් හිමි කර ගැනීමට තරුෂි කරුණාරත්න සමත් ව තිබේ.

    ඇය සහභාගී වූයේ මලල ක්‍රීඩා තරගාවලයේ මීටර 800 කාන්තා ධාවන ඉසව්වටයි

    එමෙන්ම ඊයේ(04) දිනයේදී මීටර 400 කාන්තා ඉසව්වේ අවසන් තරගයේදී තරුෂි කරුණාරත්න රිදී පදක්කම හිමිකරගත් අතර, එම ඉසව්වේම ජයේෂි උත්තරා ලෝකඩ පදක්කම හිමිකරගත්තා. තරුෂි තරගය නිමා කිරීමට ගත කළ කාලය තත්පර 53 දශම 71ක්.

    ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියක අවසන් වරට එවැනි දස්කමක් දක්වා තිබුණේ සුසන්තිකා ජයසිංහ සහ දමයන්ති දර්ශා යි.

     

    Last modified on සදුදා, 05 ජූනි 2023 18:46

    Latest News