ශ්‍රී ලංකාවට ලකුණු 132ක ජයක්

ජූනි 04, 2023

    ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්රිිකට් තරගාවලිය එකට එකක් ලෙස සම කිරීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා.

    ඒ, දෙවන එක්දින තරගය ලකුණු 132 කින් ශ්‍රී ලංකාව ජයගනිමින්. තරගය පැවැත්වුණේ, හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.  තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 06කට ලකුණු 323ක් රැස් කළා. උපනායක කුසල් මෙන්ඩිස් ලකුණු 78යි. දිමුත් කරුණාරත්න ලකුණු 52 යි.

    පන්දු යැවීමේදී ෆරීඩ් අහමඩ් සහ මොහොමඩ් නබී කඩුලු 02 බැගින් දවා ගත්තා. ලකුණු 324ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථානු කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 191ක් පමණයි. ඇෆ්ගන් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා නායක හෂ්මතුල්ලා ෂහිඩි. ඔහු ලකුණු 57යි. පන්දු යැවීමේදී ධනංජය ද සිල්වා සහ වනිදු හසරංග කඩුලු 03 බැගින් දවා ගත්තා.

    ඊට අමතරව, කලකට පසු එක්දින පිටියට එක්වූ දුෂ්මන්ත චමීර දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 02 ක් දවා ගත්තා. දෙරට අතර ‍තීරණාත්මක තෙවැනි සහ අවසන් තරගය ලබන බදාදා පැවැත්වීමට නියමිතයි. එම තරගයෙන් ජයගන්නා කණ්ඩායමට තරගාවලියේ ජය හිමිවනවා.

    Latest News