බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාවට තරගාවලි ජයක්

මැයි 12, 2023

    බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති 20-20 තරගාවලිය තරග 2කට 1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා.


    ඒ, තෙවැනි 20-20 ක්‍රිකට් තරගය ද ලකුණු 44කින් ජයගනිමින්.

    තරගය අද පැවැත්වුණේ, කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගනයේදී. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 158ක් රැස් කළා. නිලක්ෂි ද සිල්වා නොදැවී ලකුණු 63ක් රැස් කළ අතර, හර්ෂිකා සමරවික්‍රම නොදැවී ලකුණු 51යි.

    පිළිතුරු ලෙස බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී රැස් කිරීමට හැකි වුණේ, ලකුණු 114ක් පමණයි. නිගාර් සුල්තානා ලකුණු 31යි. පන්දු යැවීමේදී උදේෂිකා ප්‍රබෝධිනී, කාව්‍යා කාවින්දි සහ ඉනෝකා රණවීර කඩුලු 02 බැගින් දවා ගත්තා.

    Latest News