නව වාර්තා පිහිටවූ ටෙස්ට් ජයග්‍රහණය

අප්‍රේ 28, 2023

    ‍අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන් 2 - 0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.  

    දෙරට අතර පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී, ශ්‍රී ලංකා පිල, ඉනිමක සහ ලකුණු 10 ක ජයක් හිමි කර ගත්තා. මේ තරගයේදී රට ඉදිරියේ වාර්තා කිහිපයක්ම  පිහිටුවීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වුණා. ඒ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම අද වාර්තා කළේ, ටෙස්ට් ඉතිහාසයේ සිය වැනි තරග ජයග්‍රහණයයි. මේ දක්වා ශ්‍රී ලංකා
    කණ්ඩායම, ටෙස්ට් තරග 311 කට ක්‍රීඩා කර තිබෙනවා.

    එමෙන්ම, අද තරගයේ තවත් විශේෂත්වයක් වූයේ, දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය නව ලෝක වාර්තාවක්  පිහිටුවීමට සමත් වීමයි. දඟ පන්දු යවන්නෙකු ලෙස ප්‍රභාත් ජයසූරිය, මෙම ලෝක වාර්තාව පිහිටුවා ඇත්තේ, ටෙස්ට් තරග 7 කට ක්‍රීඩා කර, කඩුලු 50 ක් දවා ගනිමින්.  එමෙන්ම, ඕනෑම ආකාරයක පන්දු යවන්නෙක්, ටෙස්ට් කඩුලු 50 ක් දවා ගත් සම දෙවැනි වේගවත්ම පන්දු යවන්නා වීමට ද ප්‍රභාත් ජයසූරිය අද සමත් වුණා.

    මීට පෙර,  එංගලන්තයේ ටොම් රිචට්සන් සහ දකුණු අප්‍රිකාවේ වර්නන් පිලෙන්ඩර් තරග 7 කදී මෙම කඩඉම පසු කර තිබෙනවා. ඕනෑම ආකාරයක පන්දු යවන්නෙක් අඩුම තරග  සංඛ්‍යාවකදී, කඩුලු 50 ක් දවා ගත් වාර්තාවට හිමිකම් කියන්නේ, ඔස්ට්රේනලියානු ක්‍රීඩක චාලිටර්නර්. ඔහු තරග 6 කදී එම කඩඉම පසු කිරීම විශේෂත්වයක්.  

    ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු 50 ක් දවා ගත්‍ වේගවත්ම, එනම්, අවම තරග සංඛ්‍යාකින් එම කඩඉමට ළඟා වූ පන්දු යවන්නා බවට ද ප්‍රභාත් ජයසූරිය පත් වුණා. මීට
    පෙර එම වාර්තාවට හිමිකම් කියුවේ, ශ්‍රී ලංකා ක්‍රීඩක ‍රමේෂ් මෙන්ඩිස්.

    Latest News