තවත් සටනක ඇරඹුම

අප්‍රේ 24, 2023

    සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය අද (24) ආරම්භවීමට නියමිතයි.

    තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 10.00ට ආරම්භවීමට නියමිතයි.

    තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය ඉනිමකින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.

    මේ අතර අයර්ලන්ත කණ්ඩායම දෙවන ටෙස්ට් තරගය සදහා ප්‍රබල ක්‍රීඩකයෙක් කැදවා තිබේ. ඒ අයර්ලන්ත කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරන පෝල් ස්ටර්ලින් ය.
    පෝල් ස්ටර්ලින් පසුගිය 20 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණියා.

    Latest News