සන්රයිසස් පරදා සුපර් කින්ංග්ස් පෙරමුණට

අප්‍රේ 22, 2023

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ, සන්රයිසස් හයිඩ්‍රාබාද් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 7 ක ජයක් ලබා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

    තරගය ඊයේ පැවැත්වුණේ, ඉන්දියාවේ චෙන්නායි හිදී.  තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සන්රයිසස් හයිඩ්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7 කට ලකුණු 134 ක් ලබා ගත්තා. වැඩිම ලකුණුලාභියා අභිෂේක් ශර්මා. ඔහු ලකුණු 34 යි. පන්දු යැවීමේදී, රවීන්ද්‍ර ජඩේජා, කඩුලු 3 ක් දවා ගත්තා.

    ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ මෙම තරගයේදී, කඩුල්ල බැගින් බිඳ හෙලුවා. ලකුණු 135 ක ඉලක්කයක් හඹා ගිය, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කඩුලු 7 ක් අතැතිව ජය ලබා ගත්තා. ඩෙවෝන් කොන්වේ නොදැවී ලකුණු 77 යි.

    Latest News