මලල ක්‍රීඩා ජාතික වාර්තා 3 ක් යුද හමුදාවෙන්

මාර් 31, 2023

    58 වැනි ශ්‍රී ලංකාව යුද හමුදා මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ තෙවැනි දිනය අදයි.

    තරගාවලිය පැවැත්වෙන්නේ, දියගම - මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේ දී.

    ඊ‍යේ දිනයේ දී නව ජාතික වාර්තා 3 ක් පිහිටු වීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වීම ‍විශේෂත්වයක්. ඒ, මීටර් 10,000 කාන්තා ඇවිදීමේ ඉසව්ව විනාඩි 49 තත්පර 25.97 කට තරගය නිමා කරමින් ලාන්ස් කෝප්‍රල් මදිරිකා එම වාර්තාව පිහිටුවනු ලැබුවා. එම තරගයේ පිරිමි අංශයේ වාර්තාව ගජබා රෙජිමේන්තුවේ ලාන්ස් කොප්‍රල් ප්‍රනාන්දු විසින් හිමි කර ගත්තා. තරගය නිමා කිරීමට ඔහු ගත කළ කාලය විනාඩි 45 තත්පර 12.22 ක්. රිටි පැනීම ඉසව්වේ වාර්තාව අලුත් කිරීමට යුද හමුදා සේවා බලකායේ ලාන්ස් කොප්‍රල් ජනිත්ට හැකියාව ලැබුණා. ඔහු දැක්වූ දක්‍ෂතාවය මීටර 5.16 ක්.

    Latest News