ඔස්ට්‍රෙිලියා සිහින බොඳකරමින් එංගලන්තය අවසන් පූර්ව වටයට

නොවැ 05, 2022

    ලෝක කුසලාන 20 - 20 ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වූ ශ්‍රී ලංකා - එංගලන්ත තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 08 ක් දැවී ලකුණු 141 ක් ලබාගැනීමට සමත්වුණා. 

    දක්ෂ පිති හරඹයට නිරතවූ පැතුම් නිස්සංක පන්දු 45 කදී ලකුණු 67 ක් ලබාගැනීමට සමත්වුණා. ඔහුගේ ඉනිමට 06 පහර 05ක් සහ 4 පහර 02ක් ඇතුලත්. ඒ සමගම පැතුම් 20-20 ක්‍රිකට් දිවියේ ලකුණු 1000 සීමාව ඉක්මවා යාමට ද සමත් වුණ. කුසල් මෙන්ඩිස් පන්දු 14 කදී ලකුණු 18ක් ලබාගත්තා. භානුක රාජපක්ෂ ලකුණු 22යි. පන්දු යැවීමේදී මාක් වූඩ් ලකුණු26කට කඩුලු 03 ක් බිඳහෙළුවා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ එංගලන්තය කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 04ක් අවසානයේ කඩුලු 06ක් දැවී නියමිත ඉලක්කයට ලඟාවීමට සමත් වුණා. ඇලෙක්ස් හෙල්ස් පන්දු 30කට ලකුණු 47ක් සහ ජොස් බට්ලර් පන්දු 23 කදී ලකුණු 28ක් ලබාගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී ලහිරු කුමාර, වනිඳු හසරංග සහ ධනංජය ද සිල්වා අතරේ කඩුලු 02 බැගින් බෙදී ගියා.  

    ඒ අනුව ඔස්ට්‍රෙලියාවට මෙවර ලෝක කුසලාන සිහිනය අතහැර දැමීමටයි සිදුුවූයේ.   'ඒ' කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට නවසීලන්ත කණ්ඩායම සහ එංගලන්ත සුදුසුකම් ලබාගත් අතර, 'බී' කාණ්ඩයෙන් ඉන්දීය කණ්ඩායම සමගින් දකුණු අප්‍රිකානු කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

    Latest News